මේ වීසා සම්බන්ධ සේවා ගැන විශේෂ දැනුම්දීමක්
ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු ලබන නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය ප්‍රකාශ කරයි.
ඒ අනුව වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එබැවින් එළඹෙන සඳුදා සිට ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර හා කොන්සියුලර් සේවා සියලු කටයුතු කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස්, යාපනය කොන්සල් කාර්යාල මගින් සෘජුවම සිදුකරනු ලැබෙන බව දැනුම් දී තිබෙනවා.