ගල්කිස්ස අධිකරණයෙන් හමු වූ ගිනිඅවියේ විස්තර එළියට - උස්සපු හැටියි ගත්තු කෙනයි ඔක්කොම මාට්ටු

Report

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද (29) දින පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට හෙළිව තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත. වාර්තා වන ආකාරයට ඔහු බන්ධනාගාර රැඳවියෙකු බව පවසයි.

ප්‍රජා විශෝධන කාර්යයන් වෙනුවෙන් අද (29) දින ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීමට රැඳවියන් තිදෙනෙකු පැමිණ ඇත.

ඒ ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීමක් මත‍යි.

ඒ අනුව පැමිණි එක් රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා ඇති ගබඩාව පිරිසිදු කිරීමේදී 9mm වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් රැගෙන බන්ධනාගාර බස් රථයට ගොඩ වී තිබෙනවා.

ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

පසුව බන්ධනාගාර බස් රථය යළි බන්ධනාගාරය වෙත යාමට අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් ඇත.

එම අවස්ථාවේදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාර රැඳවියකුගේ පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් රැඳවියා ඉඳගෙන සිය තිබෙනවා.

එවිට අදාළ රැඳවියා සතුව යම් පාර්සලයක් ඇති බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක ඇත.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය හමුව තිබෙනවා.

පසුව බන්ධනාගාර බස් රථය යළි අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර තිබෙන බව වාර්තා වේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි