බිත්තර නිෂ්පාදනයට රුපියල් 31ක් යනවා - නිෂ්පාදකයන්ගේ සංගමය

Report

බිත්තර නිෂ්පාදනයට රු. 31 ක් පමණ වැයවන තත්ත්වයක් තිබියදී, ගොවියාට බිත්තරයක් රු. 22–23 දීමෙන් පාඩු පිට අලෙවි කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ, මහනුවර පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපිට, වයඹ බිත්තර නිෂ්පාදකයන් දෙසීයක පමණ සහභාගීත්වයෙන් අද (29) පැවැති නිහඬ විරෝධයක් අතරතුරදීය.

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

උද්ඝෝෂණය අතරතුර, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.ඒ. කොතලාවල නිෂ්පාදකයන්ට පවසමින් සඳහන් කළේ, කඩිනමින් ඒ පිළිබඳ සංගණනයක් කරන බවයි.

එමෙන්ම, බැට්‍රිගේජ් මහා පරිමාණ කුකුළු ගොවිපළවල් නියාමනය කිරීම, මවු සතුන් ගෙන්වීම සහ පවතින අතිරික්තය පිළිබඳව, නොවැම්බර් 15 පෙර නිෂ්පාදකයන් කැඳවා සාකච්ඡාවක් සිදු කරන බවද ඇය පොරොන්දු වී ඇත.

හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලා ගනී

හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලා ගනී