යතුරුපැදියෙන් යමින් සිටි තරුණියගේ ලැම අත ගා දුරකතනය කොල්ල කාලා

Report

ගෝනපීනුවල පොලිසිය පවසන ආකාරයට, යතුරුපැදියකින් යමින් සිටි තරුණියකගේ මග හරස් කර ඇගේ ලැම ප්‍රදේශය ස්පර්ෂ කර ජංගම දුරකතනය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.

සිද්ධිය පෙරේදා (27) රාත්‍රී 11ට පමණ, තරුණිය වැඩ අවසන් කර යතුරුපැදියෙන් නිවසට පැමිණි වෙලාවේ ගෝනපීනුවල බේරතුඩුව මාර්ගයේ සිදුවී තිබේ.

තවත් යතුරුපැදියක පැදිකරුවෙක් තරුණියගේ යතුරුපැදිය හරස් කර නැවැත්වූ අතර, ඇගේ පපු ප්‍රදේශය ස්පර්ෂ කර තිබේ.

මේ වාහන ගැන හදිසි දැනුම් දීමක්

මේ වාහන ගැන හදිසි දැනුම් දීමක්

දැඩි භීතියට පත් වූ තරුණිය, ජංගම දුරකතනය භාවිතා කර පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළ විට, සැකකරු දුරකතනය උදුරාගෙන යතුරුපැදියේ නැගී වේගයෙන් පලා ගොස් ඇත. පැහැරගත් ජංගම දුරකතනයේ වටිනාකම රු. 144,000/- ක් වන බව පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය නිවේදනය කරයි.

[N3QKBQ1