දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතිහාසගත ජයක් සමඟ අවසන් මහා සටනට
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) දින සමත් වුණා.
ඒ අනුව ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු වශයෙන් එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණයි.
ඒ අනුව මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරග බිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයේ සටහන් වේ.
එසේම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම්වලින් අනතුරුව අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන රට බවට ඔවුන් පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මින් පෙරද අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයේ දී එංගලන්තය සමගින් ක්‍රීඩාකර තිබූණත් ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ට පරාජය හිමි වුණා.
ඊට අමතරව සමස්තයක් ලෙස දකුණු අප්‍රිකානු පිරිමි හෝ හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය ලෙස දැක්වේ.
ඔවුන් (කාන්තා/පිරිමි) අවස්ථා 09කදී අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබෙන අතර, ඉන් අද ලැබු ජය හැරෙන්න අවස්ථා 07කදීම පරාජය වී ඇත.