ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසන්නේ වර්තමාන රජය මැදිහත් වී මිල පාලනයක් සිදු නොකළේ නම්, මෙරට ජනතාවට ඩීසල් ලීටරයක් රුපියල් 750 ක වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුවනු ඇති බවයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ පෞද්ගලික තෙල් සමාගම් පාඩු ලබන අවස්ථාවලදී තෙල් නිකුත් කිරීම සීමා කරන බවත්, පසුගිය දිනවල දක්නට ලැබුණු ඉන්ධන පෝලිම්වලට එක් හේතුවක් එය වූ බවත්ය. "සංස්ථාවේ වෙළඳපල කොටස මීට පෙර පැවතියේ 53%-54% ක් වැනි අගයකයි.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

නමුත් පෞද්ගලික සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කිරීම නිසා දැන් එම අගය 75%-80% දක්වා ඉහළ ගොස් තිබෙනවා" යැයි ඔහු සඳහන් කළේය. පෞද්ගලික සමාගම් පාඩු නොලබන බවත්, ඔවුන් එම බර රජය මත පටවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පෙර රජයන් විසින් පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගත් ගිවිසුම් විවේචනය කළ සභාපතිවරයා, එමඟින් තරඟකාරීත්වයක් ඇති වී මිල අඩු වේ යැයි පැවසුවද එය අසත්‍යයක් බව දැන් ඔප්පු වී ඇතැයි පැවසීය.

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්

වත්මන් රජය තෙල් මිල ඉහළ දමනු ලැබුවේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම වන අයුරින් බවත්, රුපියල් 100 ක පමණ බදු සහනයක් ජනතාවට ලබා දෙමින් මිල පාලනය කිරීමට රජය මැදිහත් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

"අපි කොහොමද මේ මිල ඉහළ යාම උරාගන්නේ සහ ජනතාවට සහන දෙන්නේ කියන එක තමයි මෙහි ඇති වැදගත්ම කරුණ. දූෂණය නැති කිරීම හරහා ඉතිරි කරගත් විශාල මුදලක් රජය සතුව පවතින අතර, එම මුදල් මෙවැනි අවස්ථාවලදී ජනතාවට සහන සැලසීමට යොදා ගන්නවා" යැයිද ජනක රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් ජනතාව වෙනුවෙන් යළිත් සහනාධාර ලබා දී මිල පාලනය කිරීමට රජය පසුබට නොවන බවද ඔහු අවධාරණය කළේය.

ලබන අගෝස්තු වනවිට ඉන්ධන මිල උපරිමයට යන ලකුණු - තෙල් සමාගමකින් අනතුරු ඇඟවීමක්

ලබන අගෝස්තු වනවිට ඉන්ධන මිල උපරිමයට යන ලකුණු - තෙල් සමාගමකින් අනතුරු ඇඟවීමක්