කොවිඩ් එන්නත් දෙක එකවර දී අසාධ්‍ය වූ මව

vaccination covd19 moderna peradheniya hospital udaperadheniya
By Sewvandhi Jul 22, 2021 01:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උඩපේරාදෙණිය යොවුන් සේනාංක එන්නත් කරන මධ්‍යස්ථානයේ දී එක්වර එන්නත් දෙකක් දීමෙන් රෝගී වූ කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව අද (22) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එසේ රෝගාතුරව ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් කර ඇත්තේ පේරාදෙණිය ඔගස්ටා වත්තේ පදිංචි 51ක් හැවිරිදි සිව් දරු මවක බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

එම එන්නත් කරන මධ්‍යස්ථානයේ දී ඇයට මොඩර්නා එන්නත දෙවරක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කර ඇත්තේ තමන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

  යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ඇය සිය සැමියා සමඟ මෙම එන්නත ලබාගෙන තිබුණා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now