එන්නත් තොගයක් ලබන මාසයේ දී දිවයිනට
vaccination
Channa Jayasumana
pfycer
civishield
epidemic unit
By Sewvandhi
ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේ තුනවන සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය. මේ අතර කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (22) දිනයේදි එන්නත් මාත්‍රා 20,000 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී තිබේ.
කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව, සයිනොෆාම් පළමු සහ දෙවන මාත්‍රාව මෙන්ම ස්පුට්නික් V දෙවන මාත්‍රාව ද මෙලෙස ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 20,816 ක් ලබා දී තිබේ. මෙරට එන්නත්කරණ කටයුතු සිදුකර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,345,165 ක් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |