කොරෝනා එන්නත ලබා දෙන දිනය සහ වෙලාව කෙටි පණිවිඩයකින්

covid19 vaccination shavendra silva SMS quarantine rules
By Sewvandhi May 29, 2021 08:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙම නව ක්‍රමය අනුගමනය කරන්නේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ සඳහා බවද ඔහු පැවසීය.

එමෙන්ම එන්නතේ පළමු මාතාව ලබා දීමේදී ද ඊට සමාන ක්‍රියාවලියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

එන්නකරන වැඩපිළිවෙලට සහාය දීම විනා ඊට බාධා වන කටයුත්තක් නො කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එන්නත්කරන වැඩසටහනට සහභාගි වන අවස්ථාවන්හි ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now