උණුසුම් වූ එන්නත්කරණ වැඩසටහන (VIDEO)
එන්නත්කරණය සිදුකෙරුණු ඇතැම් ස්ථාන කිහිපයක අද (27) උණුසුම් තත්ත්වයන් වාර්තා වී තිබුණි. කුරුණැගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදීම මධ්‍යස්ථාන 13කදී අද සිදුකෙරුණි.
එහි දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හේතුවෙන් මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. කුරුණෑගල එන්නත්කරණ වැසටහන ක්‍රියාත්මක වූ මධ්‍යස්ථාන තුනකදී නිසි පරිදි එන්නත්කරණය සිදු නොවන බවට ජනතාව චෝදනා කිරීමත් සමඟ එහි ද උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ජනතාව චෝදනා කළේ පෝලිම්වලට අමතරව පිටතින් පුද්ගලයින් රැගෙන එන්නත්කරණය සිදුකරන බවටය. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ද එලෙසම අද දිනයේත් ක්‍රියාත්මක වුණි.
ඒ යටතේ මොරටුව මෝල්පේ ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබාදීම සිදුකිරීමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. ඒ මොරටුව නගරාධිපතිවරයා තම හිතවතුන්ට එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලාසිටීමත් සමගය.
මොරටුව නගරාධිපති සමන්ලාල් මහතා එහිදී කියා සිටියේ, "ඔබතුමාලා වැරදියි නේ, එතනින් 10ක් ගන්නවා මෙතනින් 5ක් ගන්නවා. ඒකෙන් 5යි මේකෙන් 5යි ගන්න." යනුවෙනි.
මේ අතර ඊයේ ලැබුණු සයිනොෆාම් එන්නත් ලක්ෂ 5න්, 375,000ක් එහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය. ඒ අනුව එම දෙවැනි වටය ජුනි 08 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |