අවුරුදු 12ට වැඩි ළමුන්ටත් එන්නත්

covid19 vaccination moderna sinovac pfiyzer
By Sewvandhi Jul 18, 2021 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ නුදුරේ දීම අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

"අපි මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට එන්නත් ලබාදුන්නා. ඊට පස්සේ 18ට වැඩි අයට ලබාදෙන එක ගැනත් 12ට වැඩි පාසල් ළමුන්ට ලබාදෙන එක ගැනත් අපි සලකා බලාගෙන යනවා. මේක පිළිවෙලකට කරන්න ඕනේ නිසා තමයි අපි මේ වයස් කාණ්ඩ විදියට, කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නෑ. එන්නත් ගේන්න හොඳට සල්ලි තියෙනවා. අපිට එන්නත් අපිට හොඳට ලැබෙනවා. 18 -30 අතර කාණ්ඩයටත් අපි නුදුරේ දීම එන්නත් ලබාදීම ආරම්භ කරනවා."

මේ අතර, කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගැබිනි මව්වරුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ජාන අනුක්‍රමික විශ්ලේෂණ පර්යේෂණ මඟින් දිවයිනේ දිස්ත්‍රික්ක 08කින් දැනටමත් ඩෙල්ටා වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇත. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ලබාගත් සාම්පල පරීක්ෂාවට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ සියයක් අතරින් 32 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now