ඇස්ට්‍රාසෙනිකා එන්නත විකුණන අයිතිය ගන්න පෞද්ගලික සමාගම් පෝලිමේ

covid19 india vaccination astrazeneca serum institute
By Sewvandhi May 28, 2021 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇස්ට්‍රාසෙනිකා එන්නත නිශ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත යොමු කර ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ එහි සඳහන් කරන සමාගම් හැරුණු විට ඇස්ට්‍රාසෙනිකා සමාගමේ කිසිදු පෞද්ගලික ඒජන්තවරයෙකු නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුල ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට පෞද්ගලික සමාගම් දිගින් දිගටම සිය සමාගමට ඉල්ලීම් කරන බව එම ලිපියේ සඳහන්.

කෙසේවෙතත් එම ලිපිය හරහා ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම අවධාරණය කරන්නේ පවතින තත්වය යටතේ සිය සමාගම ගනුදෙනු කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට සහ පිළිවිතරයන්ට අනුකුලව පමණක් බවයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා සමාගම මෙරටට එන්නත් ලබාදීමේ කාර්ය භාරය යුනිසෙෆ් සංවිධානය, කොවැක්ස් එන්නත් වැඩසටහන සහ එන්නත නිශ්පාදනය කරන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් සමාගම හරහා පමණක් සිදුකරන බවයි මෙම ලිපිය හරහා අවධාරණය කරන්නේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery