කොවිඩ් මධ්‍යස්ථානයේ ආහාර වල පණුවන්
covid19
Matale
trealment center
Na Ula
Abana hospital
By Sewvandhi
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක, මාතලේ – නාඋල, අඹන මහ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ට ලබාදුන් ආහාර වල පණුවන් සිටියේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ආහාර සැපයුම් ටෙන්ඩරය අවලංගු කළ බවයි මාතලේ කොවිඩ් මර්දන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා සඳහන් කළේ.
අනතුරුව රෝගීන්ට අවශ්‍ය ආහාර සැපයීම සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරිම සදහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි කටයුතු කළ බව ඔහු සඳහන් කළා.
අඹන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, එලෙස රෝගීන්ට අවශ්‍ය ආහාර සැපයීමට කටයුතු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |