කොවිඩ් නිසා ඉදිරියට වෙන්න යන දේ ගැන ආචාර්ය තිස්ස විතාරණගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Covid 19 sri lanka covid 19 Thissa vitharana
By Sithumi Sep 05, 2021 05:21 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 

 දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට එරෙහිව සියයට 95කට වැඩි සටනක් කළ හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

කොරෝනා වයිරසය වවුලන්ගෙන් පැතුරුණු බවට ඇතැම් විද්‍යාඥයින් පළකරන අදහස් තමා බැහැර නොකරන බවද ඔහු පැවසුවේය

එමෙන්ම  කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව වර්තමාන එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථානවලදී සහ සියලුම රෝහල්වලදී එම වයස් කාණ්ඩය සඳහා ද එන්නත් ලබාදීම සිදුවේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙම මධ්‍යස්ථානවලදී එන්නත් ලබාදීම සිදුකෙරෙන බවය මේ අතර කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදී ද සිදුකෙරේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now