කොවිඩ් හේතුවෙන් මෙරට විශේෂ පිරිසක් දැඩි අවදානමේ

Covid 19
By Sithumi Sep 10, 2021 02:57 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරකයින් වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය අංශයෙන් පසුගියදා කළ ඉල්ලීමට ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය ප්‍රතිචාර දක්වා තිබේ. 

 මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් එලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබුණි. 

 පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල නොපැලඳීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර PCRපරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් විය. 

 කෙසේවෙතත් ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙත ලිඛිතව දන්වා ඇත්තේ එන්නත්කරණයට ලක්වූ හෝ නොවූ පමණින් වෛරසය ආසාදනයවීම හෝ වෛරස වාහකයෙකුවීම නොවළැක්වෙන බවය. එබැවින් මෙවැනි තීරණ ගැනීමේදී ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ මෙන්ම රටේ මහජන ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වියයුතු බව එම සංගමය සඳහන් කර තිබේ.