කොවිඩ් වාට්ටුවේ ලෙඩ්ඩු 70 කට ඇදන් 17 යි
Covid 19
Sri lanka
By Sithumi
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පැතිරීම හේතුවෙන් විවිධ ප්‍රදේශවල පිහිටා ඇති රෝහල් එම රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තිබේ. දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහල ද එවැනි ස්ථානයකි.
අද එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමින් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි චෝදනා කරමින් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවක නිරත වුණි. ඔවුන් පෙන්වා දෙන්නේ ඇඳන් 17ක් පමණක් ඇති කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ 70කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබන බවය. එම රෝහලේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්වත් නොමැති බව ඔවුන් පවසයි.
මේ අතර, මාතර පිටබැද්දර ගොරකවෙල ප්‍රදේශයෙන් ඊයේ (29) කොවිඩ් ආසාදිතයින් 20ක් හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයින් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.