මෙරටට ජපානයෙන් එන්නත් වර්ගයක්

sri lanka Vaccsine covi 19 astraceneca
By Sithumi Jul 13, 2021 11:54 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම මාසය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි පවසා තිබේ. 

 කොවැක්ස් පහසුකම යටතේ අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් මෙලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉරානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, නේපාලය සහ පැසිෆික් දූපත් යන රටවල් වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතිරේක මාත්‍රා තොග බෙදාදීමට කටයුතුකරන බව ඔහු පැවසීය. මේ අතර තායිවානය සහ තවත් ආසියානු රටවල් කිහිපයකට මෙම සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පරිත්‍යාග කරන බවද ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජපානය විසින් ඉන්දුනීසියාව, තායිවානය සහ වියට්නාමය යන රටවල් සඳහා ද මෙම සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිතය. එම රාජ්‍යයන් සමග පැවැත්වූ ද්වීපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එන්නත් මාත්‍රා මිලියනය බැගින් අදාළ රටවල් වෙත ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි වැඩිදුරටත් සඳහන් කර තිබේ.