මෙරට විශේෂ එන්නතක් දිය යුතු පිරිස පිළිබඳව හෙළිදරව්වක්

corona virus Pfizer Covi vaccsine
By Sithumi Sep 06, 2021 02:27 PM GMT
Sithumi

Sithumi

Report

හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවය. 

 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන වයස අවුරුදු 20ත් 30ත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බවය. 

වකුගඩු හා පිළිකා රෝගීන් මෙන්ම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයට සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙක මගින් අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බව පෙනී යන බැවින් එම කණ්ඩායම් සඳහා ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා එන්නත් තුන්වන මාත්‍රා ලෙස ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමය යෝජනා කර සිටී. 

බහරේන්හි සිදුකර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ කණ්ඩායමේ දත්තවලින්ද සනාථ වී ඇත්තේ සයිනොෆාම් එන්නත ලබාගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවද එම නිවේදයේ සඳහන්ය.

එන්නත්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දී තිබේ. 

 එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර එයට හේතු පාදක වූයේ එම කාණ්ඩයට ප්‍රමුඛතාව නොදී අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට එන්නත් ලබාදීම මගින් අවදානම වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීම බවද එම නිවේදනයේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now