එන්නත්කරණයට ආපු ළමයින් විශාල පිරිසට වෛද්‍යවරුන්ගෙන් ලැබුණ අමුතුම තෑග්ග..

Corona Army Sri Lanka Galle Covid vaccines
By Aruna Sep 06, 2021 07:56 AM GMT
Aruna

Aruna

Report

වයස අවුරුදු 20ත් 29ත් දක්වා වන වයස් කාණ්ඩවල පසුවන්නන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අද (06) ආරම්භ කර තිබුණි.

ඒ අනුව මත්තේගොඩ ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනේදී කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා තරුණ තරුණියන් අමතා සඳහන් කළේ වැඩිහිටියන් තුළින් නොදැකපු විනයක් තරුණ ප්‍රජාව තුළින් අද දිනයේ දැකගන්නට හැකිවූ බවය.

"විශාල පිරිසක් එන්නත්කරණයට ආවත් අද..

මෙතන නිකං භාවනා මධ්‍යස්ථානයක් වගේ. කිසිම ශබ්දයක් නෑ.

පෝලිම් පැනිල්ලක් නෑ. පුදුම ඉවසීමක් තිබුණේ.

මේ ඉවසීම, හැසිරීම, විනය වැඩිහිටියන් තුළින් අපි දැක්කේ නෑ. ඒ නිසා මම හරි ආඩම්බර වෙනවා..

හරි සතුටු වෙනවා තරුණ ඔය පිරිස ගැන. තරුණ ඔයාලා බොහොම ලස්සනට විනය ගරුකව හැසිරුණා.

මේක දිගටම රැකගන්න." අදාල දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙහිදී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.

බස්නාහිර පළාත තුළ වාසය කරන වයස අවුරුදු 20ත් 29ත් අතර ලක්ෂ 07කට අධික ජනගහණය සඳහා කොවිඩ් මර්දන එන්නත සතියක කාලයක් තුළ ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 27 ලක්ෂ 29,601කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 91 ඉක්මවා තිබේ.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 3,308කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් ආසාදිතයින් 68,070 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන අතර සමස්ත ආසාදිතයින්ගෙන් 384,557 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now