එක එන්නතක් ලබාගත් අයටත් සුබම සුබ ආරංචියක්...මෙන්න වෙන දේ..

Covid Sri Lanka Vaccines Indian Astrosenika
By Aruna Sep 10, 2021 02:56 AM GMT
Aruna

Aruna

Report

කෙරෝනා රෝගය ආසාදනය වූවත්, එන්නත් මගින් මරණය නිසැකව ම වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් ද තහවුරු වී තිබෙනවා.

ඉන්දීය රජයේ කොරෝනා මර්දන තාක්ෂණ බලකාය මඟින් සිදුකළ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඔවුන් විශ්ලේෂණය කර ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදන සහ මරණ පිළිබඳ දත්තයි.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් මඟින් ආසාදිත රෝගියෙකුගේ මරණය සියයට 96යි දශම 6කින් වළක්වන බවයි.

එමෙන්ම, එන්නත් මාත්‍රා දෙක ම ලැබූ රෝගියෙකුගේ මරණය එමඟින් සියයට 97යි දශම 5කින් වළක්වන බව හෙළි වී තිබෙනවා.

මේ නිසා එන්නත්කරණය කොරෝනා වෛරසයට එරෙහි ව වඩාත් ම වැදගත් වෙන ආවරණ පලිහ බවයි ඉන්දීය රජයේ කොරෝනා මර්දන බලකා ප්‍රධානී වෛද්‍ය 'විනෝද් කුමාර් පෝල්' සඳහන් කළේ.

මේ නිසා තමන්ට ලැබෙන කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත්, එමඟින් කොරෝනා වෛරසයෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එන්නත්කරණයෙන් මරණය වළක්වනවා මෙන්ම, ආසාදිත රෝගීන් රෝහල්ගත කරන තරමට අසාධ්‍ය වීම ද වැළකෙන බව වෛද්‍ය පෝල් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now