කොරෝනා එන්නත නිසා ලිංගික ශක්තිය හීන වෙයි???.නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙනුත් රතු එළියක්.

Sri Lanka Channa jayasumana Covid vaccines Hemantha herath Sexual
By Aruna Sep 13, 2021 08:21 AM GMT
Aruna

Aruna

Report

වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් එන්නත් ලබාගැනීම සඳහා පවතින උනන්දුව අඩුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කරුණු හේතුවෙන් තරුණ තරුණියන් තුළ එන්නත් ලබාගැනීමට තිබූ උනන්දුව අඩුවී ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා, "ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ එන්නත් ලබාගැනීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

එක හේතුවක් හැටියට දැනට අපිට පෙනී ගිහින් තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර.

කොවිඩ් -19 රෝගයට එන්නත ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා, දරුවො හැදීමේ හැකියාව නැති වෙනවා..

කියලා. මේ ආකාරයේ විවිධ කතා තරුණ තරුණියන්ගේ ඔළුවලට වැටිලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් ලෝකෙ කරලා තියෙන පරීක්ෂණ අපි හොයලා බැලුවා.

කිසිම තැනකින් එහෙම වාර්තා වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ කරුණක්.

ඒ වගේම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අවුරුදු 30ට වැඩි පිරිසට තව සතියක් ඇතුළත එන්නත්කරණය නිමා කරන්න පුළුවන් වෙනවා." "

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා එන්නත් ලබාදිය යුතුයි කියන අදහස මතුවුණා.

ඒ වගේම ප්‍රාථමික පන්තිවල ඉන්න ළමයිට එන්නත්කරණය අවශ්‍ය නෑ.

මොකද මේ වෛරසයට ගොදුරුවීමේ ඉතාම අඩු ප්‍රවණතාවයක් කුඩා ළමුන්ගේ තියෙන්නේ.

මේ ගැන කමිටුවක් පත්කරලා තියෙනවා.

මේ සතියේ කමිටුවේ නිර්දේශ ලැබෙයි.

ඒ වගේම පෙරපාසල් යන වයසේ දරුවන්ටත් යම්කිසි නිර්දේශයක් ලබාදෙන්න කියලා මේ කමිටුවෙන් ඉල්ලීමක් කළා."

මේ අතර කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now