සිසුවෙකුට, හොරාට කොවිඩ් එන්නත දුන් විද්‍යා ගුරුවරියට වෙච්ච දේ.

American World news Student Covid vaccines
By Aruna Jan 05, 2022 04:54 AM GMT
Aruna

Aruna

Report

තම සිසුවෙකුට දෙමව්පිය කැමැත්ත නොමැතිව කොවිඩ් එන්නත ලබාදුන් විද්‍යා ගුරුවරියක් ව අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බලධාරීන් පැවසුවේ ඇයට වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිදු සුදුසුකමක් නොමැති බවය.

54 හැවිරිදි ජීවවිද්‍යා ගුරුවරියක් වන ලෝරා රූසෝ, අදාළ එන්නත් මාත්‍රාව සිය නිවසේදී එම සිසුවා ට ලබාදී ඇති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස බලධාරීන් පවසයි.

ඇය එම චෝදනාවට වැරදිකරු වුවහොත් වසර 4ක සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය පැවසීය.

17 හැවිරිදි පාසල් සිසුවා එන්නත ලබාගැනීමට කැමැත්ත පළකර තිබුණි.

එම ගුරුවරිය කොවිඩ් එන්නත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

මෙතෙක් වයස අවුරුදු 18ට අඩු අමෙරිකානුවන්ට එන්නත්

කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයිසර් එන්නත පමණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now