ළදරුවන්ටත් covid එන්නත..? භාවිතා කරන එන්නත් මෙන්න..
ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම ඊයේ ආරම්භ කළා. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්.
එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව යි මෙලෙස පුළුල් භාවිතයට යොදා ගැනෙන්නේ. වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා.
මෙම කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැහැ. කෙසේ නමුත්, වයස අවුරුදු දෙකෙන් ඉහළ ළමයින්ට එන්නත් ලබා දී පාසල් කඩිනමින් විවෘත කිරීම කියුබානු රජයේ අපේක්ෂාව යි.
තවත් රටවල් කිහිපයක් මේ වනවිට වයස අවුරුදු 12 ඉක්ම වූ ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර, චිලී දේශය වයස අවුරුදු හයේ සිට දොළහ දක්වා වූ ළමයින්ට සිනොවැක් චීන කොරෝනා එන්නත ලබාදීමට ඊයේ අනුමැතිය ලබාදුන්නා.
චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව ද කුඩා ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීමට සැලසුම් කළ ද එය මුලින් ම ආරම්භ කර ඇත්තේ කියුබාව යි.
------------------------------------------------------------------------
කොවිඩ් අතර තුර මෙරටින් තවත් භයානක තත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |