නව කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවූ පිරිසක් හමුවූ ප්‍රදේශ සියල්ල මෙන්න.

Covid Colombo Gampaha Kaluthara Corona areas
By Aruna Jun 24, 2021 07:42 AM GMT
Aruna

Aruna

Report

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 436කි.

ඉන් 64 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන්, 41 දෙනෙකු වත්තල ප්‍රදේශයෙන් සහ 33 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

ඊයේ (23) දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 324 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 92 දෙදෙනෙකු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 318 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 58 දෙනෙකුම වැල්ලවත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 178 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් අතරට අයත්ය. ඒ අනුව ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,196කි.

මේ අතර ජුනි 22 වැනි අඟහරුවාදා දින මෙරට කොවිඩ් ආසාදිත මරණ 65 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 2,769 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery