දිස්ත්‍රික්ක 06ක කොවිඩ් -19 ආසාදිතයින් 100 ඉක්මවයි...නව ආසාදිතයින් හමුවූ ප්‍රදේශ.

Covid Colombo Gampaha Kaluthara Corona patients areas
By Aruna Jun 21, 2021 06:33 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (20) මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 20 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව මාස එකහමාරකට ආසන්න කාලයකට පසුව දිනක් තුළ මෙරටින් හඳුනාගත් අඩුම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන

ආසාදිතයින් 307 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු

කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු,

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 166 දෙනෙකු,

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 130 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු

ලෙස ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 06ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබුණි.

ඊයේ දිනයේ දී ද දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් හඳුනාගත් අතර, එම ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery