නව කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Gampaha Patient area Kathuthara
By Aruna May 30, 2021 06:07 AM GMT
Aruna

Aruna

Report

 ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 514 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 442 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 241 දෙනෙකු , නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 205 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 195 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 162 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 145 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 100 දෙනෙකු ලෙස ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව සඳහන් වේ.

මෙරටින් ඊයේ දිනය තුළ ආසාදිතයින් 2,882 දෙනෙකු හඳුනාගත් අතර දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery