සෑම පැයකට වරක් පුද්ගලයින් 03 දෙනෙකු මියයන තත්ත්වයක් ඇතිවෙලා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 05, 2021 04:14 PM GMT
Sithumi

Sithumi

Report

මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා. 

 සෑම පැයකටම තිදෙනෙකු වැනි ප්‍රමාණයක් මිය යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. වත්මන් තත්ත්වය අනුව පෙනෙන්නට ඇත්තේ එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන. ඒ බලන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000කින් 12,000කින් තමයි මේ ගාන එන්නේ. අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ 5,6 ගුණයක් ඉන්න පුළුවන් නොදැන. මේක 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ. ”

“මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර කෙටිකාලීනව.” ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල සඳහන් කර සිටියා.

____________________________???????_____________________________

You May Like This Video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now