අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබෙන්නට යන එන්නත් තොගය මෙන්න.

China Sri Lanka Covid vaccines Sinofarm
By Aruna Jul 28, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය.

ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර එකවර වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය ලෙස සැලකේ.

ඊයේ (27) දිනයේදී චීනය විසින් පරිත්‍යාගය කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් දිවයිනයට ගෙන එනු ලැබීය.

මේ අතර ඊයේ දිනයේ ද පුද්ගලයින් 380,463 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.

පළමු මාත්‍රාව පුද්ගලයින් 352,409 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර පුද්ගලයින් 28,054 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now