මෙරට කොවිඩ් අවධානම ඉහළ යයි.. අහඹු PCR වැඩි කිරීමට තීරණයක්..යළි රට වහන්න වෙයි?..
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ, සංචරණ සීමා ඉවත් කිරීම සමඟ යම් ආකාරයකට කොවිඩ් තත්ත්වය වැඩි වී තිබෙන නිසාවෙන් බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.
එමෙන්ම මේ වනවිට සියලු රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් හා තෝරාගත් ස්ථානවල ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර විශේෂයෙන් පොදු ප්‍රවාහනය භාවිතයේ දී හා සෙසු කටයුතුවල දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
එලෙසම පුද්ගල ඒකරාශී වීම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියා.
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව සෞඛ්‍ය නීති කඩකරමින් විවිධ ස්ථාන වල හැසිරීම නිසා කොවිඩ් තත්ත්වය ඉහළ යාමෙන් යළිත් රට වසා තැබීමේ අවධානමක් ඉදිරියේදී ඇතිවිය හැකිබවද බොහෝ විචාරකයින් මේ වන විටත් මත පළ කරමින් සිටී.
එම නිසා ලැබුණු නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඉහළ යන කොවිඩ් අවධානම අවම කර ගැනීමට හැකි බැවින් සියලු දෙනා වගකීමෙන් කටයුතු කරන්නට වගබලා ගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |