නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105කට කොවිඩ්

sri lanka Covid 19 Flat covi pations
By Sithumi May 29, 2021 10:25 AM GMT
Sithumi

Sithumi

Report

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ. මේ බව තහවුරු වුයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින්ය. ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (28) යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. මේ අතර මඩකලපුව, ආරයන්පතිහි පිහිටි 3000ක පමණ සේවක සේවිකාවන්ගෙන් යුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඉකුත් 27 වැනිදා සේවක සේවිකාවන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී සේවකයින් 71 දෙනෙකු ආසාදිත බවට හදුනා ගැනුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now