දෛනික කොවිඩ් ආසාදිතයින් යළිත් 10,000 ඉක්මවයි

germany World covid patients
By Sithumi Oct 26, 2021 03:20 PM GMT
Sithumi

Sithumi

Report

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් ප‍්‍රකාශ කර තිබේ. 

 ඉකුත් සෙනසුරාදා (23) දිනයේදී ජර්මනියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16,145 දෙනකු වන අතර මෙය ඉකුත් මැයි මස මැදභාගයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සේ සැලකේ. 

කොරෝනා වසංගතය නැවත හිස එසවීම හේතුවෙන් ලබන මස 25 වැනිදා අවසන් වීමට නියමිතව ඇති කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති හදිසි නීතිය නැවත දීර්ඝ කරන ලෙස විවිධ අංශවලින් ජර්මන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතී. 

නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව ඉකුත් සති දෙකක කාලය තුළදී ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 57 කින්ද කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 11කින්ද වැඩි වී තිබේ. 

යම් හෙයකින් ලබන මස 25 වැනිදා වන විට හදිසි නීතිය දීර්ඝ නොකළහොත් වැඩි වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව ජර්මනියේ ප‍්‍රාන්ත 16 ම බලධාරීන් විසින් මෙම දිනවල සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා වී තිබේ. 

ජර්මනියේ ජනගහනයෙන් සියයට 66ක්ම සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගෙන ඇති බව හෙළි වී තිබේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්.
  ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.