මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 575,000 ඉක්මවයි

Covid 19 Sri lanka
By Sithumi Dec 14, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද (14) දිනය තුළ 575,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් තවත් ආසාදිතයින් 1,783 දෙනෙකු තහවුරු කර ගැනීමත් සමගය.

පසුගිය නොවැම්බර් මස 12 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ එම ආසාදිතයින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 575,432කු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 335 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 545,768 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. 

 කොවිඩ් ආසාදිතයින් 15,358 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now