දෛනික ආසාදිතයින්ගේ යළි වැඩි වීමක්
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් ඊට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් හාරසිය 433 දෙනාට අමතරව 122ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ගණන 555 ක්.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536,084ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (23) සිදුව ඇති බව සඳහන් වේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,611කි. එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |