අද මෙරටින් වෙනස්ම ආසාදිතයින් ගණනක්

Corona virus Covid 19
By Sithumi Sep 16, 2021 12:24 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1382 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,336 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 428,590ක් දක්වා ඉහළගොස් තිබේ

මේ අතර,කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භෞතචිකිත්සකවේදීන් දැඩි අවදානමක් ගෙන කටයුතු කරන බව භෞතචිකිත්සාවේදී මිතුන් සේනාරත්න මහතා පවසයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ භෞතික වෛද්‍ය අංශයේ භෞතචිකිත්සාවේදී මිතුන් සේනාරත්න මහතා සඳහන් කළේ එම රෝගීන්ගේ සෙම ඉවත් කිරීම සඳහා සිය නිලධාරීන් රෝගියා සමීපයටම ගොස් සත්කාර සේවා ලබාදෙන බවය.

"භෞතචිකිත්සකවේදීන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම කොවිඩ් ආසාදිත රෝගීන් ඉන්න ICU එකකදී ඔවුන් සමීපයටම ගිහින් ඔවුන්ගේ පෙනහළු තුළ පවතින සෙම ඉවත් කිරීමට අපි ප්‍රතිකාර ලබාදෙනවා. එම රෝගීන්ගේ සෙම ඉවත් කිරීමේදී සෙම බිඳිති වාතය හා මුසු වෙනවා. අපි එහෙම ඉතාම දරුණු අවදානමක් ගෙන තමයි කටයුතු කරන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now