අද මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් ගණන

By Sithumi Sep 11, 2021 12:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1882 ක් හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

තවද, අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,605ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 411,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන්ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරනවා.

මේ අතර, එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවා.

ඒ අනුව එම එන්නත් ලබාදිය යුතු ආකාරය පහත පරිදි යෝජනා වී තිබෙනවා. දැනට එන්නත් ගහපු නැති අයට අවුරුදු 18 සිට – 60 දක්වා සයිනොෆාම් එන්නත තැලිසීමියා වැනි ලෙඩ තියෙනවා නම් අවුරුදු 12 – 18 කාණ්ඩයට පමණක් ෆයිසර් මාත්‍රා 2ක් අවුරුදු 12 – 18 ළමුන්ට ෆයිසර් එන්නත අවුරුදු 12 – 18 දක්වා වකුගඩු රෝග හෝ පිළිකා වැනි රෝග තියෙන දරුවන්ට ෆයිසර් මාත්‍රා 2ක් එමෙන්ම අවුරුදු 60ට වැඩි ඇස්ට්‍රෙසෙනෙකා, මොඩර්නා, ෆයිසර් ගත් අය මාස 06ක් ඇතුළත මිය නොයන බවත්, බරපතළ රෝග ලක්ෂණ ඇතිවීම අඩු නිසා මාස 06කට පසු ඔවුන්ට බූස්ටර් මාත්‍රාවක් දිය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now