නිවසක සිටි ආසාදිතයෙක් පැනයයි

covid19 isolated borella magacin roard Sangeeth danushka
By Sewvandhi May 29, 2021 01:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහු නිවසින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු 28 ක් වු සංගීත් ධනුෂ්ක දාබරේ නැමති එම පුද්ගලයා පසුගිය මැයි 26 වන දින සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ (28) දින බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවට තහවුරු වී ඇත.

නිවසක සිටි ආසාදිතයෙක් පැනයයි | Covid Patient Escape Borella

එම පුද්ගලයාගේ ඡායාරූපය ඉහත දක්වා ඇති අතර ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති බොරැල්ල - 071 85 91 587

පොලිස් ස්ථානය බොරැල්ල - 011 26 94 019


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now