නව කොරෝනා ආසාදිතයින් 1507 හමු වූ ප්‍රදේශ සියල්ල මෙන්න...

Covid Colombo Galle Gampaha Patient areas
By Aruna Jul 12, 2021 06:47 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (ජූලි 11) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1507 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් අතරින් 1,492 දෙනෙකු අලුත් අවුරුදු පොකුරෙන් හඳුනා ගෙන ඇති අතර 15 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින අය අතරින් හඳුනා ගෙන ඇත.

ඊයේ දිනයේ වැඩි ම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

ඒ ආසාදිතයින් 239ක් ලෙස ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 142කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 128කි.

යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122 දෙනෙකු ද හඳුනා ගෙන ඇත.

මේ අතර, ඊයේ දිනයේ දී මෙරට තවත් කොවිඩ් මරණ 35ක් වාර්තා වී ඇති අතර ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයින පුරා කොරෝනා ආසාදිතයින් වාර්තා වුණු ප්‍රදේශ පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now