කොරෝනා නිසා ’’වෙඩින්’’ ලක්ෂ හතක් නැවතිලා

sri lanka wedding Covid 19 Pandemic situvation
By Sithumi Jul 16, 2021 04:38 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙය රටට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව සිදුවූ විශාල පාඩුවක් බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රටේ සාමාන්‍ය කාලයේදි වසරකට දරු උපත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ සිදුවූ බවද සඳහන් කළේය. කොවිඩ් වසංගතය නිසා මේරටේ මේ දක්වා 3500ක් පමණ මිය ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.

කොවිඩ් වසංගත තත්වය යම්කිසි මට්ටමක පැවතුණද විවාහ මංගල්‍ය උත්සව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට රජය අවසරදීම ඉතා හොඳ තීරණයක් බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීය.