ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට එන්නත් දෙකකට අනුමැතිය

Covid 19 covishield Astra ceneca
By Sithumi Jun 28, 2021 01:46 PM GMT
Sithumi

Sithumi

Report

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ මේ සඳහා අනුමැතිය ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය