මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද වර්තා වේ
Covid 19
Covid deaths
Helths
By Sithumi
ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 94 ක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 4821දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4821ක් ලෙසටයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 49ක් සහ කාන්තාවන් 45ක් වනවා. අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා මරණ දෙකක් ද මෙම පිරිසට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 7 දෙනෙකු ද මෙම මරණ අතර වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 37ක් සහ කාන්තාවන් 36ක් ද මියගිය පිරිසට අයත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
