covid මරණ ගණන තවත් ඉහළට

Sri lanka covid 19 Corona virua
By Sithumi Jul 30, 2021 02:32 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ පනස් හයක් හඳුනාගෙන ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කිරීමත් සමඟ මෙරට කොරෝනා අසාදිත මරණ ගණන 4380 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම 

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1635 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 305,837ක් දක්වා ඉහළ ගියා.

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,716ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 275,212ක් දක්වා ඉහළ ගොස් තිබේ.

You may like this video