කොරෝනා ආසාදිත අම්මාට සිව් දරු උපතක් – උපතේදීම දරුවන් මිය ගිහින්

COVID19 AMPARA VIJITHAPURA DEAD BABIES
By Sewvandhi Sep 07, 2021 02:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදිත ගැබිනි මාතාවක් අම්පාර මහ රෝහලේ දී දරුවන් සිව් දෙනෙකු බිහි කළ අතර එම දරුවන් උපතේදීම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අම්පාර විජිතපුර පදිංචි එම කාන්තාව පස් මස් ගැබිනියක ව සිටියදී ඇයට කොරෝනා වැළඳීම නිසා දින ගණනාවක් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

නිවසේ සිටියදී නැවත හදිසියේ අසනීප වීම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ පසුව ඇය මෙම මළ දරුවන් බිහි කර තිබුණා.

පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු එම මව බිහි කර ඇති අතර කොරෝනා වැළඳීම නිසා එම දරුවන් මිය ගොස් ඇති බවට සැක පළ කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

----------------------------------------------------

කොවිඩ් අතර තුර මෙරටින් තවත් භයානක තත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW