කොවිඩ් වැළඳුනු අම්මා ‘දරුවාට ජීවිතය දී’ අවසන් ගමන් යයි!
covid 19
homagama
maravila
child birth
lurdhu road
By Sewvandhi
කොරෝනා රෝගය ආසාදිතව සිටියදී සීසේරියන් සැත්කමකින් සිය දරුවා බිහි කළ තිස් හැවිරිදි මවක් හෝමාගම රජයේ රෝහලේදී මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම මව ලූර්දු මාවත, උතුරු තොඩුවාව, මාරවිල ලිපිනයේ පදිංචි අයෙකි. ඇයට ඇතිවූ අසනීප තත්ත්වය මත නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇති අතර එම රෝහලින් කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරු කොට එවා තිබුණා.
එහිදී සැත්කමකින් දරුවා බිහිකර ඇති අතර දරුවාට කොරෝනා වැළඳී නොමැති බව වෛද්‍යවරු පවසනවා.
මේවන විට ඇයගේ සැමියා හැර පවුලේ සෙසු සාමාජිකයින් කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |