හිතාමතාම කොරෝනා බෝ කරන පිරිසක් මෙරටින් හමු වේ. ඔබත් පරිස්සම් වන්න

srilanka Corona virus Covid 19
By Sithumi Sep 09, 2021 03:33 PM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද (09) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි පුද්ගලයෙකු, එකම පවුලේ සහෝදරීයන් දෙදෙනෙකු ඇතුළු කෝන්ගහ පදිංචි කාන්තාවන් තිදෙනකි. මොවුන් හතර දෙනා සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටියදි එහි සිටි නිලධාරින් විසින් එය දැක පොලිස් නිලධාරින්ට දන්වා ඇත.

පසුව එම සිව්දෙනා පොලිස් බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත ගෙනැවිත් කරන ලද විමර්ශණයේදි අනාවරණයවි ඇත්තේ සොහොයුරියන් දෙදෙනා පසුගිය මාසයේ 11වනදින පැමිණ පළමු එන්නතද ලබාගත් බවට කාඩ්පත් ලකුණු කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ පියාද එන්නත් විදගත් බවට කාඩ්පත ලකුණු කරවාගෙන ගොස් ඇති බවය.

පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එන්නත් විද ගැනිමෙන් පසු අසාත්මිකතා ඇතිවන නිසා විද නොගත් අතර ඉදිරියේදි විදගත් බව පෙන්විමට අවශ්‍ය වන නිසා කාඩ්පත් ලකුණු කරවාගෙන යාමට සුදානම්වු බවය.

ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 267වන වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවිමට හැකි අයුරින් නොසැළකිලිමත් ලෙස ක්‍රියා කිරිම යන චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

---=-=======-========-==-=========-================--==

ඇදිරි නීතිය දීර්ඝ කරනවාද ? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ජනරාල් ගේ ප්‍රකාශය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now