කොරෝනා රෝහලකින් මෙරට ජනතාවට සුබම සුබ ආරංචියක්..
Covid
Sri Lanka
Corona hospital
Idh hospital
By Aruna
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා මෙරට ප්‍රධාන පුවතපතකට පැවැසීය.
රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.
එසේම කොවිඩ් මරණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය.
ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අධ්‍යක්ෂවරයා කීවේය.
මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හසිත අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |