ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු තවත් පුද්ගලයෙක් මෙරටින්...වහාම ප්‍රදේශයට සංචරණ සීමා.

Covid Colombo Delta Kompaggaweediya
By Aruna Jun 28, 2021 07:24 AM GMT
Aruna

Aruna

Report

කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසයි.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගැනුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා, “කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය පුද්ගලයෙක්ව තමයි හඳුනාගත්තේ.

එහිදී දැනගන්න ලැබුණා මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත්ය.

අපි සැක කරනවා ඔහුට එම ඉදිකිරීමේ කර්මාන්ත ආයතනයෙන් මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ඔහුට ශරීර ගතවෙන්න ඇති කියලා.

ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට දැනගන්න ලැබුණා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති බව.

ඒ වගේම එම ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකරන්න උපදෙස් ලැබිලා තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයෙන්.

ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස කටයුතු කර තිබෙනවා.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now