තත්වය තවත් අවදානම් - රෝහල් තුළ කොවිඩ් සිරුරු ගොඩ ගැසෙයි

Srilanka vaccsine
By Sithumi Aug 06, 2021 02:15 PM GMT
Sithumi

Sithumi

Report

පවතින වාතාවරණය යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයින්ගේ දේහ ගොඩගැසී ඇති ආකාරය දැක්වෙන වීඩීයෝවක් මේ වනවිට සංසරණයවෙමින් පවතී. 

එමෙන්ම රෝහලේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල භාවිත කරන ශරීරය ආවරණය වන ඇඳුම් ද භාවිතයෙන් පසු එලෙස ගොඩගැසී තිබේ. පවතින වාතාවරණය යටතේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා තවදුරටත් ප්‍රධාන රජයේ රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම ගැටලු ද මතුවී ඇත. 

 දික්ඔය මූලික රෝහලේ ද කොවිඩ් ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ. එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් මේ වනවිට රෝහලේ පුටුවල සහ බිම වැතිරී සිටින බවය. එමෙන්ම දික්ඔය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් බහුතරයක් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කිරීමේදී ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බවද වාර්තා වෙයි.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද විහාරමහාදේවි උද්‍යානයේදී සිදුවුණි

______________________?????____________________________


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now