අද මෙරටින් වාර්තා වූ සම්පූර්ණ මරණ ගණන 11000 ඉක්මවීමට ආසන්න වේ
Covid deaths
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 131ක් වාර්තා ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සම්පූර්ණ කොරෝනා මරණ ගණන දහ 10995 දක්වා ඉහළ ගොස් තිබේ
එමෙන්ම අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2028 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි . ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |