ඊයේ කොවිඩ් මරණ වල නොසීතූ ලෙස වෙනසක් - අද වාර්ථා වූ මරණ ගණන
ඊයෙ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 180 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 10 320 ඉහළ ගොස් තිබේ .
කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත්ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්
එමෙන්ම අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2240 දෙනෙකු හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 465,012 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,952 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 386,509ක් දක්වා ඉහළගොස් තිබේ.
______________ You May like this video __________
covid සමග මෙරටින් භයානක තත්ත්වයක් - කළ යුතුම දෙයක් ගැන සෞඛ්‍ය අංශ හෙළිකළ දේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

