කොරෝනා දේහවලට ආදාහනාගාර ඉඩ මදි.. ඉන්දියාවේ මෙන් දර සෑ වල පුච්චන්න යයි!!!?
කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ දර සෑයවල් වල ආදානය කිරීමට අවසර ලබා දිය නොහැකි බව යාපනය දිසාපතිවරයා එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී පැවසීය.
යාපනය ඇතුළු උතුරු පළාත තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම මත ඒවා ආදාහනයට ආදාහනාගාර සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත් නිසා ඉන්දියාවේ මෙන් මළසිරුරැ දර සෑයවල් මත ආදාහනය කළ යුතු බව එහිදි ඉදිරිපත් වූ යෝජනාවට පිළිතුරු දෙමින් දිසාපතිවරයා මෙසේ පැවසීය.
එසේ නම් නව ආදාහනාගාර ඉදි කල යුතු බවට වූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් දිසාපති වරයා පවසා ඇත්තේ එය නගර සභාවේ කාර්යයක් වුවද එතරම් විශාල ආදාහනාගාර සංඛ්‍යාවක් පිහිටුවීම අනාගතයේ දී කිසිදු ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයක් විය හැකි බවය.
මේ අතර කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කළ මෙම පරීක්ෂණ කට්ටලය මගින් රුපියල් 1,500ක පමණ මුදලකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
අදාළ පරීක්ෂණ කට්ටලය සඳහා මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිවී ඇති අතර එහි ලියාපදිංචිය ලබාගැනීමට නියමිත බව සඳහන්ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබුණි.
මේ අතර මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)”ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


